මේ මම ද?

අදහා ගන්න බැහැ..
සිතා ගන්න බැහැ..
මෙතරම් ආදරයක්..
මගේ හිතේ..
කාටද..?
කා වෙනුවෙන්ද...?
නුබ දන්නවා..
ඒ නුබට වග...
වෙනකෙකුට නොවන වග..
නොකීවත් මට..
එහෙත්..
එය කිසිදාක ඉටු නොවන වග..
මේ මම ද? 


සරදම...

නොතිබුනානම් මගෙ සිත සිතක් වී.. 
තවමත් මගෙ ලගින් හිදී.. 
මුහුනුපොතෙන් හමුවුනු මිතුරියක්සේ... 
" ඔබ " නෙත්පුරා දැකගන්නත්... 
සිත්පුරා දොඩමලු වෙන්නත්... 
එහෙත් දැන් ලොකයා හමුවේ.. 
තුච්ච, නින්දිත, ක්‍රියාවක් වී එය.. 
කරන්නට කිසිත් නැත... 
ගොලුවෙක් වීම හැර... 
එය මාගෙ දෛවයයි... 
දෛවයෙන් මා ලද සරදමයි...  
දෙවියනේ මේ කදුලු කැට කාටද?

නුබේ සිත..

දෙනෙත බොදවුනු.. 
සිනහ කදුලු කැට.. 
මා කෙරේ නුබ බැන්ද සෙනෙහේ.. 
නිමක් නොමැති බව කියා දුන්න... 
දෙතොල තෙත් කල හාදු වැස්සේ උනුසුමට සිත ගුලිවුනා.. 
දන්නවා මට දැනෙනවා දැන්... 
මුලු ලොවම ඔබෙ, මගෙ හදවත වෙලා...

දයාබර මිතුරුයේ...

දයාබර මිතුරුයේ, සිනිදු, සියුමැලි...
හැගුම්බර නුබෙ සිත තුල...
ලැගුම් ගන්නට එප ඉඩදෙන්න...
දැලි පිහියේ අදික කැපෙනසුලු බව...

සදාකාලික ඔබ...

සිතින් පැතුවා පැතුම් ගොන්නක්... 
සදාකාලිකවම, එපමනයි සිතා... 
" දරාගන්න බැහැ රත්තරනේ... " එය සිහිනයක් වූ නිසා... 
හදාගන්න හැකිනම් හිත මෙතුවක් ඉවසූ නිසා... 
එහෙත්... 
කල නොහැක එය සදාකල් ඔබ සිත තුල වූ නිසා...

සිහිනය...

සිහින ගගුලක කිමිදෙමින්.. 
නැහැවෙමින්... 
සිහින දෙව්දුව එතැයි සිතමින්... 
සිහින ගගුලෙම ගිලෙමින් ගිලෙමින්... 
සොයයි සිත දෙව්දුවම අසමින්...
නැගුනු කල හිරු ගගුල වියලමින්... 
සෙවූ සිත සිහිනෙකැයි සිතුනෙන්... 
තැනු මාලිග කැඩී බිදුනෙන්... 
මගේ සිත සියොලගම ඇවිලුනා... 
ඔබ කෙරේ ඒ තිබූ සෙනෙහෙන්...

ඔබ ලියු කතාව..

දයබර දෙනෙත.. 
නගරයක් මැද හමුවුනු... 
අහින්සක, උනුසුම් ඔය බැල්මට... 
උනුසුම් උනා මගේ මුලු හදවතම.. 
සීතලෙන් දුක්විදින...
කියවන්න බැරි උනා...
ඔබ ලියු ඒ කතාව..
මන්දයත්...
බස් රියක් පැමිනුනා..
බිදගෙනම මගෙ දැහැන...

ඔබ...

ඔබ අහිමි බව දැන දැනත්... 
ඔබ වෙනුවෙන් කදුලු සලන... 
කදුලම උරුම... 
මගේ සිත..

අදරේ කරන හිත...

අදරේ හරියට හුලග වගේ... 
පේන්නෙ නැ කාටවත්... 
ඒත්... 
හිතට දැනෙනව ගොඩක්... 
එතකොට... 
අදරේ නැති උනාම දැනෙන වෙදනාව... 
කාන්තාරයක් වගේ නේද? එකෙ තනි උනොත්, 
වතුර ටිකක්.. 
අඩුම ගානෙ හෙවනක්වත් නතුව මැරිල යන්න වෙනව එක ඇතුලෙම... 
එකයි කියන්නෙ... 
අදරේ කරන හිත දාල යන්න එපා කියල....

මගෙ දෑස...

සිතේ ගුලිවෙච්ච... 
මහ මෙරක ආදරය...
නුඹෙ සිතට දැනුනු කලෙක... 
ඇවිත් විදගන්න...
හිත පුරා අදරය... 
මහ සයුර හා සමාන...
මා ලගට එන දවස... 
කොපමනක් කල් උනත්...
උන්හැකිය මග බලන්...
පියෙවෙනතුරු මගෙ දෑස...

කදුල නුබ..

කදුල නුබ හා දොඩමලු වන්නට...
ඇගෙන් ලද වරම...
සිත තුලම පොදි බැදගෙන... 
සිහිනෙකින් වත්...
නුබ හා දොඩමලු නොවන්නට හැකිනම්...