මගෙ සතුට


හැඩුවත් කදුලක් කදුලක් ගානෙ... දුකක් නෑ මට...
සතුටුයි... සිය දහස් වාරයක්...
මේ ඇස් දියවෙන්නට තරම් හැඩූ හැටි...
අමතක නෑ කොහොමටවත්...
හීනෙක වත් දැක්කෙ නෑ...
ඒ සතුටු කදුලු බව...
ඉතින් අද...
මගෙ සිතට සතුටුයි...
කවමදාකම වත්...
නොලැබු...
නොලැබෙනා තරම්...


මතකය

ගොඩක් දුක හිතුන කෙල්ලේ... 
ආදරේ කරපු තරම් මතක්වුන... 
මොනා උනත් පොඩි සතුටකුත් නැතුව නෙමේ...
ඒ වුනාට හිතුන දුක නැති කරගන්න තරම් සතුටක් මන් ලග නෑ...
එහෙම සතුටක් තිබ්බ.. 
ඒත් ඒක මව දාල ගිහින් ගොඩාක් කල්..
මේ වෙලාවෙ හිතට හිතෙන දේ කරන්න බැහැ... 
එකයි post එකට දාන්නෙ...





සිතුවිල්ල...

අතරමන් උන කදුල...
මග කොහොම සොයගන්නදැයි සිතමින්...
කොපුල් පුරා දිවයයි...
සැගවුනු සොදුරු පිවිතුරු...
සිතුවිල්ලක් පස්සේ...
ඒ තරම් සොදුරු බවක්...
ඒ තරම් පිවිතුරු බවක්...
ඒ තරම් ආදරනීය බවක්...
එද මට දැනුනානම්...
අද මේ වචන මෙතන නැතිවෙන්න තිබුන...
"මට හොදට රගපාන්න පුලුවන් නෙද???" 

හමු නොවුන නෙත...

සිතින් නෙත ගැටුනත්...
නෙතින් නෙත හමු නොවුනත් කිසිදා...
දිනෙන් දින, ඈතින් ඈතටම යන...
ඔබට...
ආදරෙයි...
දිය සොයා මිරිගුවක් පස්සේ...
සිහි මදව ඇවිද යන ලෙසින්... 

තහනම් ආදරය...

ඔබත් නෑ මට,
මමත් නෑ මට,
හිතත් නෑ,
හිත අතරමන් වෙලා...
නැතත් ඈ මට,
හිතක් නෑ වෙන,
කෙකුට දෙන්නට...
ඇගේ නම එහි ලියවිලා...
ආදරෙන් හිත පුරව ගන්නට,
වාසනවක් ඇත්තටම නැති බව,
ඇය නිසා මට තෙරුනා,
"ආදරය" තහනම් ඒ "නොලැබීම" නිසා බව
තෙරුනා...
මට තෙරුනා...

සිත් දැහැන..

දැහැන් ගත වුනු ආදරය..
අහම්බෙන් හමු වුන...
තාම මතකයි,
සිනාසුන දෙනෙත...
බොදකලේ කෙලෙසක...
කදුලු කැට දෙනෙත තුල...
නුබට බැදි සෙනෙහස, නුබවත් නොදැන..
කදුලු වී ගලායයි, දෙනෙත තුල...
ඒ, නුබට බැදි නුබේ සෙනෙහස...


මේ මම ද?

අදහා ගන්න බැහැ..
සිතා ගන්න බැහැ..
මෙතරම් ආදරයක්..
මගේ හිතේ..
කාටද..?
කා වෙනුවෙන්ද...?
නුබ දන්නවා..
ඒ නුබට වග...
වෙනකෙකුට නොවන වග..
නොකීවත් මට..
එහෙත්..
එය කිසිදාක ඉටු නොවන වග..
මේ මම ද?