සිහිනය...

සිහින ගගුලක කිමිදෙමින්.. 
නැහැවෙමින්... 
සිහින දෙව්දුව එතැයි සිතමින්... 
සිහින ගගුලෙම ගිලෙමින් ගිලෙමින්... 
සොයයි සිත දෙව්දුවම අසමින්...
නැගුනු කල හිරු ගගුල වියලමින්... 
සෙවූ සිත සිහිනෙකැයි සිතුනෙන්... 
තැනු මාලිග කැඩී බිදුනෙන්... 
මගේ සිත සියොලගම ඇවිලුනා... 
ඔබ කෙරේ ඒ තිබූ සෙනෙහෙන්...

3 comments:

Anonymous said...

සිහින මාලිග කැඩී බිඳුනද
නැවත නැවතත් ගොඩනගනු මැන..
දිවියට අරුතක් එක් කරලන්නෙද..
සිහිනමයි නුඹ දන්නෙ නැතිවද..
සිහින යම් දින සැබෑ වේවී..
නුඹේ සිත සතුටින් පිරේවී
එදින මතකෙට නගනු මැනවී
මෙලෙස කියූ වග නුඹේ යෙහෙලී... :)

Unknown said...

සිහින මාලිග කෑඩී බිදුනත්..
සිහින දෙව්දුව නොයෙයි සිතුවත්..
සෙවු සිත නුබ හට නොලෑබුනත්..
දුක් නොවන් නුබ මින් මතුවටත්..

ලබා ගන්නට නොලෑබු සතුටක්..
දකින්නට ඔබ පෑතු පෑතුමක්..
මෑවු දෙව්දුව යලිත් දවසක්..
දකින්නට මා පතමි පෑතුමක්..

Shameera (ශමීර) said...

ගොඩාක් ලස්සනයි... අයි ඔයලගෙ බ්ලොග්ස් වල මේව ඩන්නෙ නත්තේ???

Post a Comment