මගෙ සතුට


හැඩුවත් කදුලක් කදුලක් ගානෙ... දුකක් නෑ මට...
සතුටුයි... සිය දහස් වාරයක්...
මේ ඇස් දියවෙන්නට තරම් හැඩූ හැටි...
අමතක නෑ කොහොමටවත්...
හීනෙක වත් දැක්කෙ නෑ...
ඒ සතුටු කදුලු බව...
ඉතින් අද...
මගෙ සිතට සතුටුයි...
කවමදාකම වත්...
නොලැබු...
නොලැබෙනා තරම්...


මතකය

ගොඩක් දුක හිතුන කෙල්ලේ... 
ආදරේ කරපු තරම් මතක්වුන... 
මොනා උනත් පොඩි සතුටකුත් නැතුව නෙමේ...
ඒ වුනාට හිතුන දුක නැති කරගන්න තරම් සතුටක් මන් ලග නෑ...
එහෙම සතුටක් තිබ්බ.. 
ඒත් ඒක මව දාල ගිහින් ගොඩාක් කල්..
මේ වෙලාවෙ හිතට හිතෙන දේ කරන්න බැහැ... 
එකයි post එකට දාන්නෙ...





සිතුවිල්ල...

අතරමන් උන කදුල...
මග කොහොම සොයගන්නදැයි සිතමින්...
කොපුල් පුරා දිවයයි...
සැගවුනු සොදුරු පිවිතුරු...
සිතුවිල්ලක් පස්සේ...
ඒ තරම් සොදුරු බවක්...
ඒ තරම් පිවිතුරු බවක්...
ඒ තරම් ආදරනීය බවක්...
එද මට දැනුනානම්...
අද මේ වචන මෙතන නැතිවෙන්න තිබුන...
"මට හොදට රගපාන්න පුලුවන් නෙද???" 

හමු නොවුන නෙත...

සිතින් නෙත ගැටුනත්...
නෙතින් නෙත හමු නොවුනත් කිසිදා...
දිනෙන් දින, ඈතින් ඈතටම යන...
ඔබට...
ආදරෙයි...
දිය සොයා මිරිගුවක් පස්සේ...
සිහි මදව ඇවිද යන ලෙසින්... 

තහනම් ආදරය...

ඔබත් නෑ මට,
මමත් නෑ මට,
හිතත් නෑ,
හිත අතරමන් වෙලා...
නැතත් ඈ මට,
හිතක් නෑ වෙන,
කෙකුට දෙන්නට...
ඇගේ නම එහි ලියවිලා...
ආදරෙන් හිත පුරව ගන්නට,
වාසනවක් ඇත්තටම නැති බව,
ඇය නිසා මට තෙරුනා,
"ආදරය" තහනම් ඒ "නොලැබීම" නිසා බව
තෙරුනා...
මට තෙරුනා...

සිත් දැහැන..

දැහැන් ගත වුනු ආදරය..
අහම්බෙන් හමු වුන...
තාම මතකයි,
සිනාසුන දෙනෙත...
බොදකලේ කෙලෙසක...
කදුලු කැට දෙනෙත තුල...
නුබට බැදි සෙනෙහස, නුබවත් නොදැන..
කදුලු වී ගලායයි, දෙනෙත තුල...
ඒ, නුබට බැදි නුබේ සෙනෙහස...


මේ මම ද?

අදහා ගන්න බැහැ..
සිතා ගන්න බැහැ..
මෙතරම් ආදරයක්..
මගේ හිතේ..
කාටද..?
කා වෙනුවෙන්ද...?
නුබ දන්නවා..
ඒ නුබට වග...
වෙනකෙකුට නොවන වග..
නොකීවත් මට..
එහෙත්..
එය කිසිදාක ඉටු නොවන වග..
මේ මම ද? 


සරදම...

නොතිබුනානම් මගෙ සිත සිතක් වී.. 
තවමත් මගෙ ලගින් හිදී.. 
මුහුනුපොතෙන් හමුවුනු මිතුරියක්සේ... 
" ඔබ " නෙත්පුරා දැකගන්නත්... 
සිත්පුරා දොඩමලු වෙන්නත්... 
එහෙත් දැන් ලොකයා හමුවේ.. 
තුච්ච, නින්දිත, ක්‍රියාවක් වී එය.. 
කරන්නට කිසිත් නැත... 
ගොලුවෙක් වීම හැර... 
එය මාගෙ දෛවයයි... 
දෛවයෙන් මා ලද සරදමයි...  
දෙවියනේ මේ කදුලු කැට කාටද?

නුබේ සිත..

දෙනෙත බොදවුනු.. 
සිනහ කදුලු කැට.. 
මා කෙරේ නුබ බැන්ද සෙනෙහේ.. 
නිමක් නොමැති බව කියා දුන්න... 
දෙතොල තෙත් කල හාදු වැස්සේ උනුසුමට සිත ගුලිවුනා.. 
දන්නවා මට දැනෙනවා දැන්... 
මුලු ලොවම ඔබෙ, මගෙ හදවත වෙලා...

දයාබර මිතුරුයේ...

දයාබර මිතුරුයේ, සිනිදු, සියුමැලි...
හැගුම්බර නුබෙ සිත තුල...
ලැගුම් ගන්නට එප ඉඩදෙන්න...
දැලි පිහියේ අදික කැපෙනසුලු බව...

සදාකාලික ඔබ...

සිතින් පැතුවා පැතුම් ගොන්නක්... 
සදාකාලිකවම, එපමනයි සිතා... 
" දරාගන්න බැහැ රත්තරනේ... " එය සිහිනයක් වූ නිසා... 
හදාගන්න හැකිනම් හිත මෙතුවක් ඉවසූ නිසා... 
එහෙත්... 
කල නොහැක එය සදාකල් ඔබ සිත තුල වූ නිසා...

සිහිනය...

සිහින ගගුලක කිමිදෙමින්.. 
නැහැවෙමින්... 
සිහින දෙව්දුව එතැයි සිතමින්... 
සිහින ගගුලෙම ගිලෙමින් ගිලෙමින්... 
සොයයි සිත දෙව්දුවම අසමින්...
නැගුනු කල හිරු ගගුල වියලමින්... 
සෙවූ සිත සිහිනෙකැයි සිතුනෙන්... 
තැනු මාලිග කැඩී බිදුනෙන්... 
මගේ සිත සියොලගම ඇවිලුනා... 
ඔබ කෙරේ ඒ තිබූ සෙනෙහෙන්...

ඔබ ලියු කතාව..

දයබර දෙනෙත.. 
නගරයක් මැද හමුවුනු... 
අහින්සක, උනුසුම් ඔය බැල්මට... 
උනුසුම් උනා මගේ මුලු හදවතම.. 
සීතලෙන් දුක්විදින...
කියවන්න බැරි උනා...
ඔබ ලියු ඒ කතාව..
මන්දයත්...
බස් රියක් පැමිනුනා..
බිදගෙනම මගෙ දැහැන...

ඔබ...

ඔබ අහිමි බව දැන දැනත්... 
ඔබ වෙනුවෙන් කදුලු සලන... 
කදුලම උරුම... 
මගේ සිත..

අදරේ කරන හිත...

අදරේ හරියට හුලග වගේ... 
පේන්නෙ නැ කාටවත්... 
ඒත්... 
හිතට දැනෙනව ගොඩක්... 
එතකොට... 
අදරේ නැති උනාම දැනෙන වෙදනාව... 
කාන්තාරයක් වගේ නේද? එකෙ තනි උනොත්, 
වතුර ටිකක්.. 
අඩුම ගානෙ හෙවනක්වත් නතුව මැරිල යන්න වෙනව එක ඇතුලෙම... 
එකයි කියන්නෙ... 
අදරේ කරන හිත දාල යන්න එපා කියල....

මගෙ දෑස...

සිතේ ගුලිවෙච්ච... 
මහ මෙරක ආදරය...
නුඹෙ සිතට දැනුනු කලෙක... 
ඇවිත් විදගන්න...
හිත පුරා අදරය... 
මහ සයුර හා සමාන...
මා ලගට එන දවස... 
කොපමනක් කල් උනත්...
උන්හැකිය මග බලන්...
පියෙවෙනතුරු මගෙ දෑස...

කදුල නුබ..

කදුල නුබ හා දොඩමලු වන්නට...
ඇගෙන් ලද වරම...
සිත තුලම පොදි බැදගෙන... 
සිහිනෙකින් වත්...
නුබ හා දොඩමලු නොවන්නට හැකිනම්...